Monday, April 6, 2015

21 වැනි ශතවර්ෂයේ ලොව පෙරලියක් කල සුපිරි පරිගණකය (holographic computer)

මේ වන විට පරගණක , ජංගම දුරකථන අපට නැතුවම බැරි උපකරණ බවට පත් වී හමාරය. මෙතෙක් කල් පරිගණක, ජංගම දුරකථන සදහා මෙහෙයුම් පද්ධති නිකුත් කරමින් සිටි Microsoft  සමාගම විසින් holographic computer නම් මෙම උපකරණය  2015 ජනවාරි 21 වන දින ලොවට හදුන්වා දෙන ලදී. මෙම උපකරණය තවත් සිහිනයක් පමණක් නොවේ.

මෙම උපකරණය සතු ඇති ප්‍රධාන ලක්ෂණය වන්නේ තිරයක් රහිත වීමයි. මෙම උපකරණයේ තිරය ලෙස අපට පෙනෙනුයේ වායුගෝලය සහ අවට ඇති වස්තූන් වේ. අපට අවශ්‍ය දේවල් මෙම උපකරණය මගින් ත්‍රිමාණව අවකාශයේ ඇදිය හැකි වේ. මෙම උපකරණය සතු විශේෂාංග වන්නේ.

1.ලෝකය විනිවිද යාමේ හැකියාව 




Sunday, May 25, 2014

මේ සතියේ ජනප්‍රියම නොමිලේ ලබා දෙන android & iphone app එක.

මෙම app එක භාෂා පරිවර්තනයේ පෙරලියක් ඇති කිරීමට සමත් වන app එකකි. මෙම app එකට හැකියාවක් තිබෙනවා යම් ස්ථානයක වෙනත් ජාත්‍යන්තර භාෂාවකින් ඇති ඕනෙම වාක්‍යක් තවත් ජාත්‍යන්තර භාෂාවක් බවට පරිවර්තනය කර එම ස්ථානයේ තිබෙන ආකාරයටම දර්ශනය කිරීමට. මෙම app එක විදෙස් ගතව සිටින අයට පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ටද වටිනා app එකකි. මෙමගින්  අප ලබා ගන්නා Electronic උපකරණ වල ඇති Catalog කියවීමට. වෙනත් භාෂාවලින් ඇති පොත් කියවීමට වගේ දේවල් වලට බොහෝ සේ උපකාරී වේ. පහලින් මෙම  app එක බාගත කරගන්න.


Monday, May 19, 2014

පරණ VGA Card එකෙන් අලුත් Game Run කරවමු.

මේ දේ ගොඩක් වෙදගත් වෙන්නේ Gamers ලට තමයි. අලුතෙන් නිකුත් වන game ගහන්න විවිද වර්ගයේ VGA Card අවශ්‍ය වෙනවා. ex:-  NVIDIA , AMD Radeon,... අලුතෙන්  එන එන VGA card වර්ග ගන්න මුදල් තියෙනවනම් ප්‍රශ්නයක් නැ. හැමෝම ලග එහෙම නැනේ. තියෙන VGA card එකෙන් ප්‍රයෝජනය ගන්න විදිය තමයි අද කියල දෙන්න යන්නේ (තැනේ හැටියට ඇනේ ගහන්න).  


Monday, May 12, 2014

Torrent ෆයිල් Speed Download කරන්න මෙන්න නියම Torrent Client එකක්


Torrent ෆයිල් බාගත කරන්න ගියාම ගොඩක් වෙලා යනවා. එක හින්ද ගොඩක් අය Torrent ෆයිල් බාගත කරන්න අකමැත්තක් දක්වනවා. එසේ සිතුවද Torrent යනු බෙහොම සාර්ථක විශේෂ නිර්මාණයකි. ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් වන ගොනුවකි. මෙම ගොනුව තුල ඇත්තේ අපට අවශ්‍ය ෆයිල් එකෙහි කෙටි විස්තරයකි.එම ෆයිල් එකෙහි නම, ප්‍රමාණය , බාගත කිරීමට අදාල තොරතුරුය.  
ටොරන්ට් ෆයිල් එකක් සොයා ගන්නා ආකාරය.

ටොරන්ට් ෆයිල් බාගත කිරීමට ටොරන්ට් Search engine එකක් අවශ්‍යයි. පහත දක්වා ඇත්තේ ජනප්‍රිය search engine කිහිපයකි. .
    1. THE PIRATE BAY
    2. KICKASSTORRENTS
   3. TORRENTZ
   4. EXTRATORRENT

ඔබ කැමති ටොරන්ට් search engine එකක් භාවිතා කර වැඩිම seeds (seeds යනු අප වෙනුවෙන් මෙම ෆයිල් එක upload කරන පිරිසයි.) ප්‍රමාණයක් ඇති  ඔබට අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක බාගත කරගන්න. මෙය කිලෝබයිට් ප්‍රමාණයේ ෆයිල් එකකි.

Tuesday, April 22, 2014

Flash Drive එකක් හෝ SD Card එකක් භාවිතා කර RAM එක වැඩිකරමු.

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි RAM එකෙහි ධාරිතාව ප්‍රමාණවත් නොවීම. DDR3 RAM එකක මිල අඩු වුවත්. DDR1/DDR2 RAM එකක් මිලදී ගන්නවා නම් LKR (Rs) 2000 - 2500 වත් තියෙන්න ඕනේ. අද මම කියන්න යන්නේ RAM එක ලේසියෙන්ම වැඩි කර ගන්න පුළුවන් ආකාරයක් පිලිබදවයි. අද කාලයේ  Flash drive/SD card  එකක් භාවිතා නොකර කෙනෙක් නැති තරම් නිසා මේ දේ කාට වුනත් කරන්න පුළුවන්. RAM එකක් ගහනවා වෙනුවට කරන්න පුළුවන් ඉතාමත් ලේසි හොදම විදියක් තමයි මේක. පහත දී ඇති උපදෙස් අනුගමනය කරන්න.


Friday, April 18, 2014

කාලයත් සමග මන්දගාමී වූ Web Browsers, Skype වේගවත් කරගනිමු.

අලුතින් Google Chrome වැනි  Web Browsers ස්ථාපනය කල විට ඉතා වේගවත්ව ක්‍රියා කල ද පසුව බොහෝ සෙයින් මන්දගාමී තත්වයට පත් වේ. මෙසේ  වීමට හේතුව වන්නේ විවිද plug ins ස්ථාපනය වීමත්, වෙබ් අඩවි වල හිස්ට්‍රි මතක තබා ගැනීමත් හේතුවෙනි. මෙම හිස්ට්‍රි මකා දැමුවද කලින් තිබු වේගය ලබා ගත නොහැකිය. මෙයට හේතුව වන්නේ web browser එකෙහි ගබඩා වී ඇති ඩේටාබේස් වලින් අතැම් විස්තර ඉවත් නොවීම හේතුවෙනි.



Monday, April 7, 2014

Root කරපු android ෆෝන් වල boot animation එක වෙනස් කරමු.

අද මම කියල දෙන්න යන්නේ root කරපු android ෆෝන් එකක boot animation  එක වෙනස් කරන විදියයි. මේක ඉතාම සරල දෙයක්. boot animation කිහිපයක් පහතින් දැක ගත හැකිය.පහත ඇති download button එක භාවිතා කර app එක බාගත කර ගන්න.


Tuesday, April 1, 2014

Windows 7,8 හි ඇති Search Box එක නිවැරදිව භාවිතා කර ඉක්මනින් ෆයිල් හොයන හැටි.

බොහෝ දෙනා නියමාකාරව භාවිතා කිරීමට නොදන්න, windows 7,8 මෙහෙයුම් පද්ධතියේ දියුණු  කල ගුණාංගයක් වන්නේ වින්ඩොව්ස් ඩෙස්ක්ටොප් සර්ච් බොක්ස් එකයි. මෙම සර්ච් බොක්ස් එක මගින් අපට අවශ්‍ය ෆයිල් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සොයා ගැනීමට විවිද පහසුකම් සපයා දී තිබෙනවා. පහත දක්වා ඇත්තේ පහසුවෙන් සර්ච් කල හැකි ආකාර කිහිපයකි. ඔබ සොයන ෆයිල් එක පිලිබදව ඔබ දන්නා දත්ත අනුව පහත දක්වා ඇති පහසු ආකාරයක් තොරා ගන්න.


Windows log on background එක ඉතා පහසුවෙන් වෙනස් කරමු.


හැමදාම එකම විදියට log on  background එක දැකල දැකල එපා වෙනවනේ. අද ගෙනාවා පොඩි software එකක් log on background එක අපි කැමති wallpaper  එකක් දාලා වෙනස් කරගන්න පුළුවන් විදියේ එකක්. මේක කරන්න විනාඩියක්වත් යන්නේ නැ. පහලින් sample wallpapers ටිකක් තියෙනවා. මෙවම ඕනේ නැ කැමති ඕනේ wallpaper එකක් දාගන්න පුලුවන්න. Google search එකේ "log on backgrounds" යන්න type කර වෙනත් backgrounds බාගත කර ගන්න. wallpapers වලට පහල ලින්ක් එකෙන් software එක බාගත කරගන්න.



Thursday, March 20, 2014

(IDM 6.19 Build 2 Final) ලොව ජනප්‍රියම Download Manager එක තවම ඔබට ස්ථාපනය කර ගැනීමට නොහැකි වුවාද?

අද මම ඔයාලට දෙන්න යන්නේ Internet Download Manager Version 6.19 Build 2 Final නවතම සංස්කරණයයි. මෙම සංස්කරණයේ Google Chrome හි තිබු ගැටළු සහ වෙනත් ගැටළු සියල්ල නිරාකරණය කර ඇත. මෙය ස්ථාපනය ඉතා පහසුයි. registration key හොයා හොයා දගලන්න අවශ්‍ය නැ Copy Paste කිරීමේ හැකියාව පමණයි අවශ්‍ය. මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.


You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...