Thursday, February 20, 2014

කිසිදු Error එකකින් තොරව BlueStacks බාවිතයෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් PC එකේ install කරමු

ඇන්ඩ්‍රොයිඩ් apps පරිගණකයෙහි ධාවනය කිරීම සදහා ඇති හොදම App Player එක වන්නේ BlueStacks ය. නමුත් මෙය install කිරීම සදහා අවම වශයෙන් 2GB Ram එකක් අවශ්‍ය වේ. අපි හැමෝම ලග 2GB Ram නැති නිසා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සථාපනය කර ගන්න බෑනේ. එහෙම කියලා Bluestucks install නොකර ඉන්න  බැරි හින්දා තමයි මම අද කියන්න යන්නේ Bluestacks  Ram එක මදි පරිගණක වල ධාවනය කරන හැටි.
පහතින් දකවා ඇත්තේ සාමාන්‍ය ආකාරයට Bluestatcks install කරන විට ලැබෙන Error එකයි. (This application requires at least 2GB of physical memory)





Errors නොමැතිව BlueStacks ස්ථාපනය කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.
පියවර 1
.NET Framework ස්ථාපනය කර නොමැති නම් මෙතනින් Download කරගන්න.
පියවර 2
[(Bluestucks app එක Bluestuck හි ප්‍රධාන වෙබ් සයිට් එකෙන් බාගත කරගන්න එපා. පහතින් පමනක් Download කරගන්න. )]
Bluestucks.msi  මෙතනින් පමණක් Download කරගන්න.(4Shared වෙත පිවිස Facebook මගින් log වී තත්පර 20 රැදී සිට Download කරගන්න)
පියවර 3
Bluestucks.msi එක Edit කිරීම සදහා ORCA බාගත යුතුයි. මෙතනින් ORCA Download කරගන්න.
පියවර 4
ORCA එක පරිගණකයේ ස්ථාපනය කරගන්න. ඉන් පසු Bluestucks.msi file එක මත right click කර Edit with ORCA යන්න මත click කරන්න.
ඉන්පස වම් පස ඇති Tables > launch condition වෙත යන්න. ඉන්පසු මෙම පේලිය ( Installed/Physical Memory>896 ) delete කරන්න.

පියවර 5
ඉන්පසු Table > Install Execute Sequence  යන්න. ඉන්පසු Check Msi Signature යන්න  Delete කරන්න.
ඉන්පසු Save කර එය විවෘත කර ස්ථාපනය කරගන්න. දැන් ඔබට Graphic  Errors මතු නොවෙනු ඇති.

Error  එකක් මතු වුවහොත් error එකෙහි නම සහ Screenshot එකක් සමග comment එකක් යොදන්න.

ඔයාලා මේ post එකට කැමති යාළුවන් සමග Share කරන්න..

No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...