Tuesday, April 22, 2014

Flash Drive එකක් හෝ SD Card එකක් භාවිතා කර RAM එක වැඩිකරමු.

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි RAM එකෙහි ධාරිතාව ප්‍රමාණවත් නොවීම. DDR3 RAM එකක මිල අඩු වුවත්. DDR1/DDR2 RAM එකක් මිලදී ගන්නවා නම් LKR (Rs) 2000 - 2500 වත් තියෙන්න ඕනේ. අද මම කියන්න යන්නේ RAM එක ලේසියෙන්ම වැඩි කර ගන්න පුළුවන් ආකාරයක් පිලිබදවයි. අද කාලයේ  Flash drive/SD card  එකක් භාවිතා නොකර කෙනෙක් නැති තරම් නිසා මේ දේ කාට වුනත් කරන්න පුළුවන්. RAM එකක් ගහනවා වෙනුවට කරන්න පුළුවන් ඉතාමත් ලේසි හොදම විදියක් තමයි මේක. පහත දී ඇති උපදෙස් අනුගමනය කරන්න.





පළමුව Flash/SD drive එක Format කරන්න.

 


Format කරගත් drive එක මත right click කර  properties යන්න. ඉන්පසු එහි ඉහල ඇති tab ලිස්ට් එකෙහි ReadyBoost මත ක්ලික් කරන්න. ඉන්පසු එහි ඇති Use this Device මත ටික් (Dot) එකක් යොදා ඔබට Boost කිරීමට අවශ්‍ය ධාරිතාව යොදා OK මත ක්ලික් කරන්න.


ඉන්පසු boost වීම සිදු වේ.

නැවත Flash drive එකක් ලෙස භාවිතා කරන ආකාරය.

අදාල drive එක මත right click කර properties යන්න. පෙර පරිදිම ReadyBoost මත ක්ලික් කරන්න. ඉන්පසු Do not use this device එක මත ටික් (Dot) එකක් OK කරන්න. ඉන්පසු නැවත Flash drive එකක් ලෙස භාවිතා කල හැකිය.

     
මෙසේ කිරීමේදී යම් කිසි ගැටළුවක් මතු වූවානම් හෝ සාර්ථක වූවානම් ඔබේ ප්‍රතිචාරය Comment කර සහයෝගය ලබා දෙන්න.






2 comments:

  1. Pen 1 ayeth thibba vidihata hadaganna puluwanda mchn???
    E kohomada???

    ReplyDelete
  2. puluwan. uda post eke me kotasa kiyawala balanna "නැවත Flash drive එකක් ලෙස භාවිතා කරන ආකාරය."

    ReplyDelete

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...