Tuesday, January 21, 2014

Onboard VGA කාඩ් එකේ ධාරිතාවය වැඩි කරමු


ටිකක් පරණ පරිගණක තියෙන අයට තියෙන ගැටලුව තමා on board VGA එකේ ධාරිතාව මදිකම. ඒ අය දුක් වෙනවා අපිට හොද Game ගහන්න බෑ කියලා. දැන් දුක් විය යුතු නෑ.ඒ අය සදහා තමයි මේ ලිපිය.

මුලින්ම පරිගණකය Restart කරන්න. ඉන් පසු bios Read කරන අවස්ථාවේ bios setup වෙත පිවිසිය යුතුය. එ සදහා බොහෝ පරිගණක වල ඇත්තේ delete button එකයි. එවිට පහත ආකාරයට සමාන හෝ වෙනස් Menu එකක් දැක ගත හැක. එහි Advanced bios features ආකාරයට දැක ගත හැකිය.



ඉන් පසු එය තෝරා Enter key එක press කර Advanced bios features තුලට පිවිසෙන්න. එවිට මේ ආකාරයට හෝ වෙනස් ආකාරයකට දැක ගත හැකිය.

එහි VMA Frame Buffer Size හෝ VGA Share Memory Size ලෙස දැනට බාවිතා කරන VGA ධාරිතාව  දැක ගත හැක. ඉන් පසු වැඩි කල හැකි VGA Size එක තෝරා දෙන්න. ඉන් පසු save කිරිම සදහා F10 button එක ඔබන්න. (මෙසේ VGA ධාරිතාව වැඩි වන්නේ RAM එකෙන් එම ධාරිතාව ලබාගෙනය.) ඉන් පසු Esc button එක 3 වතාවක් press කරන්න. ඉන් පසු y press කර Enter press කරන්න.
ඔබ අතින් bios වෙනස් වී save වූවා නම් motherboard එකේ ඇති C MOS බැටිරිය ගලවා ටික වේලාවක් තබා නැවත බැටරිය යොදා පරිගණකය on කරන්න. එසේ save වි නැති නම් casing එකේ ඇති restart button එක ඔබන්න.

No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...