Friday, April 18, 2014

කාලයත් සමග මන්දගාමී වූ Web Browsers, Skype වේගවත් කරගනිමු.

අලුතින් Google Chrome වැනි  Web Browsers ස්ථාපනය කල විට ඉතා වේගවත්ව ක්‍රියා කල ද පසුව බොහෝ සෙයින් මන්දගාමී තත්වයට පත් වේ. මෙසේ  වීමට හේතුව වන්නේ විවිද plug ins ස්ථාපනය වීමත්, වෙබ් අඩවි වල හිස්ට්‍රි මතක තබා ගැනීමත් හේතුවෙනි. මෙම හිස්ට්‍රි මකා දැමුවද කලින් තිබු වේගය ලබා ගත නොහැකිය. මෙයට හේතුව වන්නේ web browser එකෙහි ගබඩා වී ඇති ඩේටාබේස් වලින් අතැම් විස්තර ඉවත් නොවීම හේතුවෙනි.





මෙසේ ගබඩා වී ඇති ඩේටාබේස් වල හිස්ට්‍රි ඉවත් කිරීම සදහා විශේෂ මෘදුකාංග ඇත. speedy fox යනු එවැනි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය පහලින් බාගත කර ගන්න. මෙය බාගත කර open කර ගත විට පහත ආකාරයට දැක ගත හැකිය.

   
ඉන්පසු ඉහත රුපයේ පරිදි optimize button එක ක්ලික් කරන්න. එවිට web browser එකෙහි data ඉවත්ව ගොස්  මුලින් තිබූ  වේගයම ලබාගත හැකිය.

Speedy Fox For Windows (570 KB)

Speedy Fox For Mac OS X (800 KB)






No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...