Tuesday, April 1, 2014

Windows 7,8 හි ඇති Search Box එක නිවැරදිව භාවිතා කර ඉක්මනින් ෆයිල් හොයන හැටි.

බොහෝ දෙනා නියමාකාරව භාවිතා කිරීමට නොදන්න, windows 7,8 මෙහෙයුම් පද්ධතියේ දියුණු  කල ගුණාංගයක් වන්නේ වින්ඩොව්ස් ඩෙස්ක්ටොප් සර්ච් බොක්ස් එකයි. මෙම සර්ච් බොක්ස් එක මගින් අපට අවශ්‍ය ෆයිල් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සොයා ගැනීමට විවිද පහසුකම් සපයා දී තිබෙනවා. පහත දක්වා ඇත්තේ පහසුවෙන් සර්ච් කල හැකි ආකාර කිහිපයකි. ඔබ සොයන ෆයිල් එක පිලිබදව ඔබ දන්නා දත්ත අනුව පහත දක්වා ඇති පහසු ආකාරයක් තොරා ගන්න.


  • සියලුම Driver තුලින් අවශ්‍ය ෆයිල් සොයා ගන්නා ආකාරය.

සියලුම drivers තුලින් යම් ෆයිල් එකක් සොයනු ලබන්නේ එම ෆයිල් එකෙහි නම දන්නේ නම් සහ වෙනත් තොරතුරක් නොදන්නේ නම් පමණි. 
Ex :- makulu viyamana ලෙස සකස් කර ඇති ෆෝල්ඩරයක් තිබෙන තිබෙන තැන සොයා ගත නොහැකි නම්,
එවිට කල යුත්තේ My Computer වින්ඩොව් එක විවෘත කර දකුණු පස කෙලවරේ ඇති සර්ච් බොක්ස් එක තුල makulu viyamana ලෙස type කර සර්ච් කිරීමයි. එවිට Search Result in Computer ලෙස progress bar එකෙහි දැක ගත හැකිය. එවිට progress bar එක කොළ පැහැයෙන් පිරි යනු දැකිය හැකිය. search වීම අවසන් වන්නේ progress bar එක සම්පුර්ණයෙන් කොළ පැහැයෙන්  පිරි ගොස් අවසන් වූ විටයි. කොළ පැහැයෙන් පිරි යාමට පෙර ෆයිල් එක හමු වුයේ නම් progress bar එකෙහි දකුණු කෙලවරේ ඇති කතිර ලකුණ මත ක්ලික් කරන්න. search result එක සදහා ෆයිල් කිහිපයක් හමු වුයේ නම්, එම ෆයිල් මත Right ක්ලික් කර open in new window මත ක්ලික් කිරීමෙන් එම ෆයිල් එක විවෘත කර බැලිය හැක. එසේ නොකළහොත් search result එකෙන් ඉවත් වනු ඇත. එසේ විවෘත කර අවශ්‍ය ෆයිල් එක සොයා ගන්න. අවශ්‍ය ෆයිල් එක තොර right ක්ලික් කර open folder location ක්ලික් කිරීම මගින් ෆයිල් එක රදවා තිබෙන ස්ථානය සොයා ගත හැකිය.  
  
  • අනුමාන වචන යොදා සර්ච් කරන ආකාරය.

සොයා ගැනීමට අවශ්‍ය ෆෝල්ඩරයේ හෝ ෆයිල් එකේ නමෙහි යම් යම් තැන්වල  අකුරු දන්නේ නම් එවිටද සර්ච් කර අපට අවශ්‍ය ෆයිල් එක හෝ ෆෝල්ඩරය සොයා ගත හැකිය. එම වචනයේ අප නොදන්නා අකුරු වෙනුවට ආදේශ කල යුතු සලකුණු දෙකක් ඇත. ඒ තරු(ඇස්ට්‍රික්) ලකුණ (*) හා ප්‍රශ්නාර්ථ ලකුණයි(?). තරු ලකුණ යොදනු ලබන්නේ නොදන්නා අකුරු කිහිපයක් ඇති විටද, ප්‍රශ්නාර්ථ ලකුණ යොදනුයේ නොදන්නා එක් අකුරක් ඇති විටය.
Ex- file name :- Makuluviyamana

Makulu*  - පළමු අකුරු හය "makulu" ලෙස ඇති සියලුම ෆයිල් මෙසේ සර්ච් කිරීමේදී පෙන්වනු ලබයි. ඉන්පසු ලැබෙන එක් එක් ෆයිල් මත  ඩබල් ක්ලික් කර අපට අවශ්‍ය ෆයිල් එක සොයා ගත හැකිය.

Ma????viyamana - මෙසේ සර්ච් කිරීම මගින් මුලට Ma ද අවසානයට viyamana ද ප්‍රශ්නාර්ථ (?) ලකුණු ඇති තැන් වලට වෙනත් අකුරුද සහිත සියලුම ෆයිල්ස් සොයා දෙනු ලබයි.

makulu*doc - මෙසේ සර්ච් කල විට පළමු අකුරු 6 "makulu" ලෙස ඇති සියලුම .doc ෆයිල්ස් පෙන්වනු ලබයි. මෙලෙස extension (.doc/.sub/.jpeg) එක යොදා සර්ච් කරන්නේ නම් ඉක්මනින් ෆයිල් එක සොයා ගත හැකිය.   

*.temp - මෙසේ සර්ච් කිරීම මගින් පරිගණයේ සැදී ඇති අනවශ්‍ය Temporary ෆයිල් සියල්ල සොයා මකා  දැමිය හැක. එමගින් හාර්ඩ් ඩිස්ක් එකෙහි ඉඩ ඉතුරු කර ගත හැකිය.

  • දිනවලට අදාල ෆයිල් සොයා ගන්න ආකාරය.

ඔබට සොයා ගත නොහැකි වූ ෆයිල් එක අවසානයේ භාවිතා කල දිනයට අසන්න වශයෙන් මතක දවසක් හෝ දිනයක් මතක නම් එවිටද එම ෆයිල් එක සොයා ගත හැකිය.  search box මත ක්ලික් කල විට date modified ලෙස දැක ගත හැකිය. එය ක්ලික් කල විට ලැබෙන  කැලැන්ඩර් පිටුවෙන් යම් දිනයක් මත ක්ලික් කල එදින භාවිත කරන ලද ෆයිල් එක සොයා ගත හැකිය. මෙම කැලැන්ඩර් පිටුවෙහි තවත් පහසුකම් සපයා දී ඇත.

A long time ago - කලකට කලින් සැකසු ෆයිල් සොයා ගත හැකිය. 
Earlier This year - අවුරුද්දකට කලින් සැකසු ෆයිල් සොයා ගත හැකිය. 
Earlier  This month - මාසයකට කලින් සැකසු ෆයිල් සොයා ගත හැකිය.
Last week - අන්තිම සතිය තුල සකස් කල ෆයිල් සොයා ගත හැකිය.
Earlier This week - සතියකට කලින් සකස් කල ෆයිල් සොයා ගත හැකිය.
Yesterday - ඊයේ සකස් කල ෆයිල් එකක් සොයා ගත හැකිය.

  • ධාරිතාව අනුව ෆයිල් සොයන ආකාරය. 

search box මත ක්ලික් කල විට size යනුවෙන් දැක ගත හැකිය. එය මත ක්ලික් කල විට සෙවීම් කල යුතු ධාරිතා Size ප්‍රමාණ දැක ගත හැකිය. 
Empty (0 KB) -  හිස් ෆයිල්.
Tiny (0-10 KB)  - කිලෝබයිට් 0 ත් 10 ත් අතර ෆයිල්.
Small (10 - 100 KB) - කිලෝබයිට් 10 ත් 100 ත් අතර ෆයිල්.
Medium (100 KB - 1 MB) - කිලෝබයිට් 100 ත් මෙගාබයිට් 1 ත් අතර ෆයිල්.
Large (1- 16 MB) - මෙගාබයිට් 1 ත් මෙගාබයිට් 16 ත් අතර ෆයිල්.
Huge (16 - 128 MB) - මෙගාබයිට් 16 ත් මෙගාබයිට් 128 ත් අතර ෆයිල්.
Gigantic (> 128 MB) -  මෙගාබයිට් 128 ට වැඩි ධාරිතාවයක් ඇති ෆයිල්. 
ෆයිල් එකෙහි ප්‍රමාණය ලබා දී සොයන ෆයිල් එකෙහි නම යොදා සර්ච් කිරීම මගින් අවශ්‍ය ෆයිල් එක සොයා ගත හැකිය. 

 ඔයාලා මේ post එකට කැමති නම් යාළුවන් සමග Share කරන්න..







No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...