Monday, May 12, 2014

Torrent ෆයිල් Speed Download කරන්න මෙන්න නියම Torrent Client එකක්


Torrent ෆයිල් බාගත කරන්න ගියාම ගොඩක් වෙලා යනවා. එක හින්ද ගොඩක් අය Torrent ෆයිල් බාගත කරන්න අකමැත්තක් දක්වනවා. එසේ සිතුවද Torrent යනු බෙහොම සාර්ථක විශේෂ නිර්මාණයකි. ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් වන ගොනුවකි. මෙම ගොනුව තුල ඇත්තේ අපට අවශ්‍ය ෆයිල් එකෙහි කෙටි විස්තරයකි.එම ෆයිල් එකෙහි නම, ප්‍රමාණය , බාගත කිරීමට අදාල තොරතුරුය.  
ටොරන්ට් ෆයිල් එකක් සොයා ගන්නා ආකාරය.

ටොරන්ට් ෆයිල් බාගත කිරීමට ටොරන්ට් Search engine එකක් අවශ්‍යයි. පහත දක්වා ඇත්තේ ජනප්‍රිය search engine කිහිපයකි. .
    1. THE PIRATE BAY
    2. KICKASSTORRENTS
   3. TORRENTZ
   4. EXTRATORRENT

ඔබ කැමති ටොරන්ට් search engine එකක් භාවිතා කර වැඩිම seeds (seeds යනු අප වෙනුවෙන් මෙම ෆයිල් එක upload කරන පිරිසයි.) ප්‍රමාණයක් ඇති  ඔබට අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක බාගත කරගන්න. මෙය කිලෝබයිට් ප්‍රමාණයේ ෆයිල් එකකි.



 ටොරන්ට් client එකක් යනු.

ටොරන්ට් client එකක් කියන්නේ අප කලින් බාගත කර ගත ෆයිල් එකෙහි ඇති තොරතුරු අනුව අදාල ස්ථාන වලින් අපට අවශ්‍ය ෆයිල් එක කලමනකරය කර බාගත කර දෙන Downloader එකක් යැයි සරලව කියන්න පුළුවන්. මෙමගින් අපට අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක කීදෙනෙක් මේ වෙලාවේ බාගත කරනවද. කීදෙනෙක් upload කරනවද යන්න බලාගැනීමට පුළුවන.

බොහෝදෙනා uTorrent  හා BitTorrent භාවිතා කරනවා. නමුත් මම නිර්දේශ කරන්නේ Vuze BitTorrent Client එකයි.
Vuze Client එක සතු ගුණාංග ගණනාවක් තිබෙනවා.      
                  1. අනෙක් client සාපේක්ෂව ඉතා වේගවත් වීම.

                  2. භාවිතයට පහසු Interface එකක් තිබීම.

                  3. Web Remote එකක් සහිත වීම.

                  4. HD video player එකක් තිබීම.

                  5. Torrent ෆයිල් search කිරීමට ඇති හැකියාව.

                  6. Seeds map එකක් තිබීම.

මේවැනි පහසුකම්  රාශියක් තිබේ. මෙම Client එක භාවිතා කර වෙනස ඇත විදින්න.

මෙතනින් Vuze Client එක බාගත කරගන්න.
Android App එක බාගත කර ගන්න.
මේ බ්ලොගය ඉදිරියට කරගෙන යාම සදහා ඔබගේ අදහස් යෝජනා චෝදනා comment කරන්න. 

No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...